විවාහයට අකැමැත්ත පළකිරීම නිසා කිපුණු පෙම්වතා fb හරහා කළ වැඩේ මාට්ටු
Tuesday, 17 November 2020 - 9:51 | Views - 269
දෙපාර්ශ්වයේම කැමැත්ත මත විවාහ වීමට සිටි පෙම්වතිය එම විවාහයට අකැමැත්ත පළකිරීම නිසා ඊට උරණ වූ පෙම්වතා මුහුණු පොත මගින් ඇයගේ චරිතයට හානියක් වන අන්දමින් අසභ්‍ය ඡායාරූප සහ දැන්වීම් පළකිරීමේ චෝදනාව මත ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුව ලබන 23 දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ගම්පහ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා 12 දා නියම කළේය.

ඌරාපොළ, බෝපැත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

සැකකරු සහ පැමිණිලිකාරිය දෙපාර්ශ්වයෙන්ම ගෙනා විවාහ යෝජනාවක් මත විවාහ ගිවිස ගැනීමට නියමිතව සිටියදී සැකකාර පෙම්වතාගේ ක‍්‍රියා පටිපාටිය නොගැළපෙන හෙයින් පැමිණිලිකාරිය සැකකරුගෙන් වෙන් වී ඇති බවත් ඇයගේ ආදරය අමතක කළ නොහැකි නිසා ඇගේ  ජංගම දුරකථනයත්, ඇගේ ඡායාරූපයත් සමග වෙනත් කාන්තාවකගේ නිරුවත් ඡායාරූපයක් සමග මුහුණු පොතේ ගිණුමක් විවෘත කර ඇය අපහසුතාවට පත්කළ බව සැකකරු පිළිගෙන ඇතැයි ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

ගම්පහ, බෙම්මුල්ල ප‍්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර තරුණිය සැකකරුගේ එම ක‍්‍රියා කලාපය හේතුවෙන් දැඩි අපහසුතාවටත් ලැජ්ජාවටත් පත්වීම හේතුවෙන් පොලිසියට කරන ලද පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගත් බවත්, සැකකරු ව්‍යාජ අන්දමින් මුහුණු පොතේ ගිණුම ආරම්භ කළ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කරන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පහ මූලස්ථාන ප‍්‍ර.පො.ප. සමන් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බව පැමිණිල්ල මෙහෙයවමින් ගම්පහ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පො.කො. සුරංග (81858) මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය.

දිවයින
මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top